ලෝක ශූරතා පාසල් ක්‍රීඩා උළෙලට පිහිනුම් ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ් 12 දෙනෙක්

  👤  2059 readers have read this article !
By mawbima 2019-03-06

විචිත්‍ර වීරසිංහ

මැයි මස 18දා සිට 23 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝහිදී පැවැත්වෙන ලෝක ශූරතා පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග සඳහා 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

එහිදී අවුරුදු 13ත් 18ත් අතර වයසෙහි පසුවන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 12 දෙනකු තෝරා ගැනීම සඳහා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති මෙම තේරීම් තරගාවලියේදී බාලකයන් 6 දෙනකු හා බාලිකාවන් 6 දෙනකුට බ්‍රසීලයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අවස්ථාව හිමිව තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී පැවැති සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙන්ම ජාතික සංගම් තරගාවලියන්හිදී අවසන් තිදෙනා දක්වා පැමිණි ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද මෙම තේරීම් තරගාවලිය සඳහා සහභාගි වී තිබිණි.

බ්‍රසීලයේ පැවැත්වෙන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්
ස්ටෙෆාන් පෙරේරා (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල) , සන්දෙව් සේනාරත්න, සන්තුෂ මල්ලවතන්ත්‍රි (කොළඹ ආනන්ද), ශේවින්ද ද සිල්වා (ශා.ජෝෂප්), පී.අරුක්ෂාන් (ගල්කිස්ස ශා.තෝමස්), ප්‍රමේෂ් කුරේ (ශා.පීතර), ගංගා සෙනෙවිරත්න, රමුදි සමරකෝන්, සෙනෙෂි හේරත් (කොළඹ විශාකා), දේවින්ද්‍රා ජයවර්ධන, ඔනෙත්‍රා වීරසිංහ (මහනුවර මහාමායා), ෂෙනලි වීරවංශ (ආවේ මරියා කන්‍යාරාමය)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon