ශ්‍රී ලංකාව රෝද පුටුවෙන් ටෙනිස් ලෝක කුසලානයට යයි

  👤  2085 readers have read this article !
By mawbima 2019-03-06

රෝද පුටු ටෙනිස් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැති ආසියානු සහ ආසියානු ශාන්තිකර කලාපීය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී චීනය, ඕස්ට්‍රේලියාව සහ මැලේසියාව පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන මැයි මාසයේ 13-18 යන දිනයන්හි ඊශ්‍රාලයේදී පැවැත්වෙන ලෝක කුසලාන රෝද පුටු ටෙනිස් තරගාවලියට වරම් ලබාගැනීමට සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ චීනය තරග 2-1ක් ලෙස පරාජයට පත්වූ අතර ඕස්ට්‍රේලියාවද තරග 2-1ක් ලෙස පරාජයට පත්වීම කැපීපෙනිණි. සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගවලදී තරග 2-0ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩී.එස්.ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක සහ ආර්.ඒ.එල්.එස්. රණවීර යන ක්‍රීඩකයන් ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජගත් වැලිකල කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon