මහනුවර දිගන සිද්ධියේදී දේපළ හානි වූවන්ට වන්දි ගෙවීම කඩිනම් කරන්න

  👤  2054 readers have read this article !
By mawbima 2019-03-06

නුවන් හෙට්ටිආරච්චි

දිගන හා මහනුවර අවට ප්‍රදේශවල සිදු වූ දේපළ හානි 174ක් සඳහා වන්දි ගෙවීම් ඉතා කඩිනම් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී තිබේ.

කෙටි කාලයක් තුළ එම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. අබ්දුල් හලීම් පවසයි.

වසරක කාලයක් ගතව තිබුණද දේපළ හානි 546කින් 372ක් සඳහා පමණක් වන්දි මුදල් ලබා දීමටත් 174ක් සඳහා ලබා නොදීමටත් හේතුව එම දේපළවල වටිනාකම ලක්‍ෂයකට වඩා වැඩි මුදලක් වන නිසා බව ඇමැතිවරයා සඳහන් කරයි. කෝටි දහ අටකට (18) ආසන්න ප්‍රමාණයක් 174ක් වූ දේපළ හානි සඳහා වැය වන බවත් එක් අයකු සඳහා රුපියල් ලක්‍ෂයක් ඉක්මවන බවත් පෙන්වා දෙන ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට අවශ්‍ය නිසා මෙසේ අවුරුද්දක් පමණ කාලයක් ගත වූ බවයි. එසේම හානියට පත් 372ක් වූ දේපළ සඳහා රුපියල් කෝටි විස්සකට (20) ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කළ බව ද තවත් දේපළ හානි 16කට වෙනම මුදල් ඇස්තමේන්තු සකස් කළ යුතු බවත් පෙන්වා දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ ඉතා කඩිනමින් මෙම වන්දි මුදල් ලබාදෙන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon