කන්නගිපුරම්හි ගසක් උඩ බෝම්බ

  👤  2066 readers have read this article !
By mawbima 2019-03-06

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චිය, අක්කරායන්, කන්නගිපුරම් ප්‍රදේශයේ ගසකින් බෝම්බ කීපයක් පෙරේදා (04දා) සවස මතු වී තිබේ.

එම බෝම්බ ඉවත් කිරීමට අසීරු නිසා ඒවා ඊයේ ඉවත් කෙරෙනතුරු එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කළ බව කිලිනොච්චිය පොලිසිය පැවැසීය.

අදාළ පුපුරණ ද්‍රව්‍ය හමු වූ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කළේය. පොලිසිය වැඩිදුරටත් පැවැසුවේ අධිකරණ අවසරය මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදාගෙන අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවයි.
කිලිනොච්ය අක්කරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon