වතු කම්කරුවාට සාධාරණයක් ඉටු නොකළොත් ඡන්දය දෙන්න එපා කියා ගෙන් ගෙට ගොස් දැනුම්වත් කරනවා

  👤  2062 readers have read this article !
By mawbima 2019-03-06

නුවන් හෙට්ටිආරච්චි

වතු කම්කරුවාට සාධාරණය ඉටු නොවන්නේ නම් ලයිම් කාමරයෙන් කාමරයට ගොස් වතු ජනතාව ඉදිරි මැතිවරණයේදී වතු කම්කරුවා නියෝජනය කරමින් පැමිණි දේශපාලකයන්ට තම ඡන්ද අයිතිය භාවිත නොකරන්න යැයි දැනුවත් කරන බව සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න පවසයි.

අය - වැය මඟින් හෝ වතු සමාගම් මඟින් වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමට අවශ්‍ය රුපියල් 250ක මුදල වැඩි කරදෙන ලෙසත් 2015 මහ මැතිවරණයේදී වත්මන් අගමැතිවරයා තලවාකැලේ පලනි දිගම්බරම් අමාත්‍යවරයාගේ රැස්වීමකදී රුපියල් 1000ක් ලබා දීමට පොරොන්දු විය. ඊළඟ මැතිවරණයකදී වතු කම්කරුවා නියෝජනය කරන මහජන නියෝජිතයන් රුපියල් 1,000ක වතු කම්කරුවාගේ වැටුප වැඩි නොකර ඡන්දය ඉල්ලන්න නොපැමිණෙන ලෙස පැවැසූ ප්‍රේමරත්න මහතා දිවයින පුරා වත්තෙන් වත්තට හා ලයිම් කාමරයෙන් කාමරයට ගොස් වතු කම්කරුවා දැනුවත් කිරීම ආරම්භ කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon