උතුරු ආණ්ඩුකාරවරයා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති අතර සාකච්ඡාවක්

  👤  2096 readers have read this article !
By mawbima 2019-03-06

මුලතිව් - ශෂි කුමාර්, මඩුකන්ද - දීපාල් බණ්ඩාර

යාපනය ආරක්ෂක සේනා කලාපයේ ආරක්ෂක අංශ කඳවුරු සහිත ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර පෙරේදා (4දා) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

යාපනය ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ නිදහස් කළ හැකි ඉඩම් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා එහිදී සාකච්ඡා කරනු ලැබීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි සියලුම ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවැසුවේය.

යාපනය ආරක්ෂක සේනා කලාපය සතුව පැවැති නිදහස් කළ ඉඩම් සම්බන්ධයෙන් හා නිදහස් කිරීමට නියමිත ඉඩම් සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් උතුරු ආණ්ඩුකාරවරයා දැනුවත් කරන ලදී.
සාකච්ඡාව වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීහු හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon