යුද අපරාධ ගැන කියන්න විග්නේශ්වරන් ජිනීවා යන්න සැරැසෙයි

  👤  2080 readers have read this article !
By mawbima 2019-03-06

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යුද සමයේදී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා සිටීමටත් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ටී.එම්.කේ. පක්‍ෂයේ නායක සී.වී. විග්නේශ්වරන් මහතා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරවලට සහභාගි වීමට බලාපොරොත්තු වෙයි.
ඒ අනුව මේ සතියේදී ජිනීවා නුවර බලා යෑමට නියමිත බව ඔහු යාපනයේ මාධ්‍යවලට පවසා තිබේ.

තමන් විසින් මේ දක්වා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පෙත්සම් සියල්ල පිළිබඳව මෙහිදී යළි ඔවුන්ගේ අවධානය යොමු කරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ශ්‍රී ලංකා රජයට ඉටු කිරීම සඳහා ලබාදී ඇති කාර්යයන් සඳහා තවත් අමතර කාලයක් ලබා නොදෙන මෙන් තමන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත් විග්නේශ්වරන් මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon