රූකඩ කලා මංගල්‍ය අද දවස පුරා අපේ ගම පරිශ්‍රයේදී

  👤  2089 readers have read this article !
By mawbima 2019-03-06

යුනෙස්කෝ සංවිධානය විසින් අස්පර්ශ සංස්කෘතික කලා උරුමයක් ලෙස පාරම්පරික නූල් රූකඩ කලාව එම සංවිධානයේ නාම ලේඛනයට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව 2020 වර්ෂයේ සිට පාරම්පරික නූල් රූකඩ කලාව ලෝක උරුමයක් බවට පත් කෙරේ.

එම කලාව ලෝක උරුමයක් බවට පත් කිරීම නිමිත්තෙන් අද (06දා) පෙරවරු 09.00 සිට දිනය පුරා "රූකඩ කලා මංගල්‍යය 2019" නමින් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සැමරුම් උත්සවය පැවැත්වේ. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජන කලා කේන්ද්‍රය, අපේ ගම පරිශ්‍රය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ මවුබිම මධ්‍යම සංස්කෘතික අරමුදල එකට එක්ව සංවිධාන කර ඇති මේ සැමරුම් උළලේදී මෙරට රූකඩ කලාව ව්‍යාප්ත කිරීමේ නිතරව සිටින සාම්ප්‍රදායික හා නවක කලාකරුවන්ට මේ කලාවේ උන්නතියට හා ප්‍රවර්ධනයට කටයුතු කළ හැකි ආකාරයට පසුබිම නිර්මාණය කිරීමටද කටයුතු යොදා ඇත.

"රූකඩ කලා මංගල්‍ය - 2019" නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon