ඔෟෂධ හා මත්ද්‍රව්‍ය මාෆියාකරුවන් ඉදිරියේ මන්ත්‍රිවරුන් නිහඬයි

  👤  2100 readers have read this article !
By mawbima 2019-03-06

උදයන්ති මුණසිංහ

ජනතාව රවටා ඔෟෂධ ලබා දී එමඟින් ජනතාව රෝගීන් බවට පත් කිරීම වළක්වන ලෙස සහ ඔෟෂධ හා මත්ද්‍රව්‍ය මාෆියාකරුවන් මර්දනය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ හඬ නඟන ලෙස තම සංගමය විසින් ලිඛිත ඉල්ලීම් ගණනාවක් සිදු කළ ද පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමක් හෝ සිදු නොකළ බවට ප්‍රජා ඔෟෂධවේදී සංගමය චෝදනා කරයි.

අපැහැදිලි ඔෟෂධ නිර්දේශය හා අනුමත ඔෟෂධ නාමය හිතාමතා ලිවීම පැහැර හැරීම, රෝගීන්ට අනවශ්‍ය ලෙස වෛද්‍ය වාර්තා නිර්දේශ
කිරීම හා ඒවා නිරීක්‍ෂණය නොකිරීම, සේනක බිබිලේ

ඔෟෂධ ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කිරීම, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සිදුකරන සදාචාරාත්මක හා නීති විරෝධී වැඩ වර්ජන වළක්වා නොගැනීම ඇතුළු තවත් බොහෝ ඔෟෂධ මාෆියාවන් සෞඛ්‍ය බලධාරීන් සිදුකරන බව මීට පෙර ද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් බව එම සංගමයේ සභාපති ජී.ජී. රත්නසිරි සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් නිලධාරීන් වැරැදි කරද්දී නිහඬව සිටිනවා පමණක් නොව හේතු සාධක සහිතව ඔවුන් කරන වැරැදි පෙන්වා දෙන විටත් නිහඬව සිටීමට තුළ මැති ඇමැතිවරුන් ජනතාවට අසාධාරණයක් සිදුකරමින්, මහජන මුදලින් වැටුප් හා වරප්‍රසාද ලැබීම අශීලාචාර මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔෟෂධ මාෆියාකරුවන් රැක ගැනීම පිණිස ඔවුන් සාධාරණීයකරණය කිරීම, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සිදුකරන වැඩ වර්ජනවලදී ජනතාවට ඇතිවෙන අපහසුතා වැළැක්වීමට කටයුතු නොකිරීම හා වෘත්තීය ගරුත්වයට හානියක් සිදුකිරීම සම්බන්ධව පියවර නොගැනීම ඇතුළු බොහෝ වැරැදි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ බවත් ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon