දේශපාලනඥයා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොකළ යුතුයි

  👤  2119 readers have read this article !
By mawbima 2019-03-06

දේශපාලනඥයා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොකළ යුතු බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ පැවැත් වූ ඇමැතිතුමාගෙන් අහන්න වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

දේශපාලනඥයා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොකළ යුතුයි. ඒ වගේම මිනිසාගේ මත් ලෝලීත්වය සමාජයේ හැමදාම තිබුණු දෙයක්. එය ඉතාම පෞද්ගලික දෙයක්.

වතුර වුණත් ගොඩක් බිව්වොත් මැරෙන්න පුළුවන්. වතුර වුණත් ගාණකටයි බොන්න ඕන. ඒ වගේම මන්ත්‍රිවරුන්ට බාර් පර්මිට් දෙන එක නවත්වන්න ඕන. ජනාධිපතිතුමාට පුළුවන් දීපුවත් කැන්සල් කරන්න. මං මේ බලා ඉන්නේ එහෙම දීපුවා කැන්සල් කරනතුරු. මේ මත්ද්‍රව්‍ය සහ දේශපාලනය අතර ලංකාව තුළ සෑහෙන ඉතිහාසයක් තියෙනවා. අපේ ජාතික ව්‍යාපාර එක්ක පවා මත්ද්‍රව්‍ය බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon