මේ රටේ සිදු වූ විශාලම වංචාව බැඳුම්කර වංචාව නොවෙයි

  👤  2193 readers have read this article !
By mawbima 2019-03-06

බැඳුම්කර වංචාව ඩොලර් මිලියන 6ක කුඩා මුදල් වංචාවක් බවත් ඊට වඩා විශාල වංචා මේ රටේ සිදුව ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පිහිටි කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විනිවිදභාවය නිසා මෙම හොරකම පිළිබඳව තොරතුරු වාර්තා වූ බවත් ඉදිරියේදී ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත් සඳහන් කරමින් ඇමැතිවරයා පෙන්වා දෙන්නේ් ජනාධිපතිවරයා සඳහන් කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තම ආණ්ඩුව එම හොරුන් අත්අඩංගුවට ගැනීම වළක්වා නොමැති බවත්ය.

එසේම එක්සත් ජාතික පක්ෂය ඉදිරි මාස දෙක තුන තුළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට නියමිත බවත් ඒ සඳහා නිරන්තරයෙන් පක්ෂයත් සමඟ සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon