ජනතාවගේ බෙල්ල ගැට ගසා ජනතාවට සහන දීමෙන් පලක් නෑ

  👤  2101 readers have read this article !
By mawbima 2019-03-06

ආණ්ඩුවේ ණය වැල්පොටින් ජනතාවගේ බෙල්ල ගැටගසා

අය-වැය සහන ජනතාවට ලබාදීමෙන් ඵලක් නැතැයි විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

එජාපය රටට කරන විපත් වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ එකට සිටීමට විපක්ෂය කටයුතු කළ යුතු බවත් එජාප විරෝධී පුළුල් සන්ධානය වෙනුවෙන් පරිපූර්ණ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් වාසුදේව මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (4දා) කොළඹදී පැවැති විපක්ෂයේ සමාජවාදී එකමුතුව වන සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදීය.

හෙතෙම එහිදී මෙසේද පැවැසීය.

අධිරාජ්‍යවාදී බලපෑම අපිට දැන් ළඟ ළඟම පේනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වී තිබෙන බල ගැටුම නිසා එය එජාපයට පවා දරාගන්න බැරි තත්ත්වයකට අද පත්වෙලා තිබෙනවා. අගමැතිවරයා රටට ගෙන එන අහිතකර අණපනත් අද වන විට ජනාධිපතිවරයා විසින් අත්හිටුවමින් පවතිනවා. ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා.

අද ඇමෙරිකානු නාවික හමුදා භටයන් උතුරේ සහන කටයුතුවලට සම්බන්ධ වී සිටිනවා. මේ හදන්නේ උතුරු වැසියන්ට ඒ හමුදා භටයන් සමීප කරවන්නටයි. ඇමෙරිකානු යුද නැවක් ත්‍රිකුණාමලයේ නවතා තිබෙනවා. එහි තිබෙන යුද ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළට පැමිණෙනවා. මේවා පරීක්ෂා විරහිත ප්‍රවාහනයනුයි.

මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය අතර මේ සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම පිළිබඳව මම කතා කළා. එය රහස්‍ය ගිවිසුමක්. ඒ පිළිබඳව අගමැතිතුමා කිව්වේ මේක අස්සන් කරලා තිබෙන්නේ 1994 දී කියායි. මම කිව්වේ ඔය ගිවිසුමේ අන්තිම හරිය බලන්න කියලයි. ඉන් පැහැදිලි වෙනවා 2017දී මෙම ගිවිසුම නැවත අලුත් කර ඇති බවට.

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා තුළින් ලබාදුන් ණයවලින් රත්නපුරේ අලුත් ව්‍යාපාර 10ක්වත් පටන් අරගෙන නැහැ. සමහර වෙලාවට මේවාට මුදල් දෙන්න ආණ්ඩුවට සල්ලිත් නැහැ. සජිත් ප්‍රේමදාසලා සමඟ සන්ධානවලට එන්නට බැහැ මෛත්‍රිපාල ජනාධිපතිතුමාට. මොකද වර්තමානයේ එජාපය කරන වැරැදිවලට සජිත් ප්‍රේමදාසත් වගකියන්න ඕනේ. සජිත් අපගේ කඳවුරේ නැහැ. අපි ඉන්නේ එජාප විරෝධී පිලෙයි.
කොළඹ නගර සභා මන්ත්‍රි දේශවිමුක්ති ජනතා පෙරමුණේ නායක ගලගම ධම්මරංසි හිමි

රනිල් කියනවා විපක්ෂයේ මිරිස් කුඩුකාරයෝ ඉන්නවා කියලා. නමුත් එයා ගාව ඉන්නේ කුඩුකාරයෝ. සෝමාලියාව වගේ රටකවත් මහ බැංකුව කොල්ලකාලා නැහැ. රනිල් ගාව පිහිකාරයොත් ඉන්නවා. හොරකට්ටි තුනක් ඉන්නවා අලි හොරු, හරක් හොරු, මැණික් හොරු කියලා. රනිල් අයිති වෙන්නේ මැණික් හොරු ගණයට. මැණික් හොරු හොයන්න අමාරුයි. මේක තමයි එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය.

ලාල් කාන්තටත් මත්පැන් චෝදනා එල්ල වෙලා. පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන අය යන්නේ ලක්ෂ 120ක විතර වාහනවලයි. රටේ ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon