තිරුකේතීශ්වරන් කෝවිලේ තොරණට හානි කළ අය අල්ලන්න උසාවියෙන් නියෝග

  👤  2166 readers have read this article !
By mawbima 2019-03-06

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

මන්නාරම, තිරුකේතීශ්වරන් කෝවිලේ තොරණට හා දේපළවලට හානි කළ පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මන්නාරම දිසා විනිසුරු ටී. ස්වර්ණරාජා මහතා පොලිසියට නියෝග කොට තිබේ.

මහා ශිව රාත්‍රි දිනයට පෙර දිනයේදී කලහකාරී පිරිසක් තිරුකේතීශ්වරන් කෝවිලට පැමිණ එහි ඉදිරිපස පිහිටි පිළිගැනීමේ තොරණ ගලවා එය කැබලිවලට කඩා දමා තිබිණි.

කෝවිලේ දාන ශාලාවේ ‍ෙදාර ජනෙල් හා වීදුරුවලටද ගල් ගසා හානි කොට තිබිණි.

මේ පිළිබඳව කෝවිලේ භාරකාර පූජකවරයා මන්නාරම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඒ බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව දිසා විනිසුරුවරයා එම නියෝගය කර තිබේ.

ඒ අනුව කෝවිලේ ඉදිරිපස තොරණ හා දේපළවලට හානි කළ පිරිස අත්අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පියවර ගනිමින් සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon