කිලිනොච්චියේ ඇළකින් මෝටාර් උණ්ඩ මතුවෙයි

  👤  2101 readers have read this article !
By mawbima 2019-03-06

ඕමන්ත -
ශේෂලා අමරසිංහ

කිලිනොච්චිය, අක්කරායන්හි, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් පෙරේදා (04දා) මෝටාර් උණ්ඩයක් සොයාගත් බව අක්කරායන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවැසුවේ ඇළක බැම්මේ තිබී ජලය අඩුවීම හේතුවෙන් මෙම මෝටාර් උණ්ඩය මතු වී ඇති අතර පසුව එය ප්‍රදේශවාසීන් දැක පොලිසිය දැනුවත් කළ බවයි.

අදාළ ස්ථානය පොලිසිය පරීක්ෂා කොට ඇළ බැම්මේ තිබී මෝටාර් උණ්ඩයක් සොයා ගෙන ඇති අතර අදාළ ස්ථානයේ තවත් බෝම්බ ඇත්දැයි යන්න සෙවීමට වැඩිදුර කැණීමක් සිදු කිරීම සඳහා කිලිනොච්චිය අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.

අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ගේද සහාය ඇතිව අදාළ ස්ථානයේ වැඩිදුරටත් කැණීම් සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරීක්ෂණ සිදු කරන අක්කරායන්කුලම් පොලිසිය වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon