හමුදාව භාවිත කළ වලිකාමම්හි අක්කර 21.8ක් නිදහස් කර දිසාපතිට භාරදෙයි

  👤  2128 readers have read this article !
By mawbima 2019-03-06

වවුනියාව -

රසාදි චතුරංගි ගමගේ

යාපනයේ වලිකාමම් දකුණු ප්‍රදේශයේ යුද හමුදාව විසින් භාවිත කරන ලද අක්කර 21.8ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කොට යාපනය දිසාපතිවරයා වෙත භාර දී තිබේ.යාපනය

ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් එම ඉඩම්වලට අදාළ ලියවිලි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙත භාර දෙන ලදී.

මෙම ඉඩම් භාර දීම සිදු වූයේ යාපනයේ වලිකාමම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.

යාපනය දිසාපතිවරයා පැවැසුවේ එම ඉඩම් ප්‍රමාණය ඒවායෙහි නිසි අයිතිකරුවන් සොයා ඔවුන්ට භාර දීම සඳහා දිසාපති කාර්යාලයේ ඉඩම් පරිහරණ කමිටුව වෙත භාර දෙන බවයි.
මෙම ඉඩම් වලිකාමම් දකුණු පළාතේ පවුල් 23කට අයත් බවට දැනට තොරතුරු වාර්තා වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon