ගින්නෙන් හානි වූ කතරගම කිරි විහාරය ප්‍රතිසංස්කරණයෙන් පසු යළි විවෘත කරයි

  👤  2119 readers have read this article !
By mawbima 2019-03-06

කතරගම - සන්දිම දේවප්‍රිය

පසුගිය 03 වැනි දින පුද්ගලයකු විසින් සිය දිවි හානි කර ගැනීම පිණිස සිරුරට ගිනි තබා ගැනීම මත ගින්නෙන් හානි වූ කතරගම කිරි විහාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර නැවත ඊයේ (05දා) උදෑසන විවෘත කරනු ලැබීය.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් දේශනා කර ආගමික වතාවත් සිදුකර පුරාණ කිරි විහාරය නැවත විවෘත කරන ලදී.

මේ අවස්ථාව සඳහා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන්ට අෂ්ට පල බෝධියේ තේවා භාර පූජ්‍ය තලගල ඤාණේන්ද්‍ර හිමියන් ද එක්විය.

මෙම පුරාණ කිරි විහාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලැබීය.

කතරගම දේවාලයේ දෛනිකව සිදු කරන පූජාවන් අතර බුදුන් වෙත ආහාර හා ගිලන්පස පූජා කිරීම අතීතයේ සිට සිදු කරනු ලබනුයේ මෙම පුරාණ කිරි විහාරයේ වීම විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon