යාපනයේ තවත් හොර කේබල් රූපවාහිනි මධ්‍යස්ථානයක් ඉවත් කරයි

  👤  2152 readers have read this article !
By mawbima 2019-03-06

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය තවත් කේබල් රූපවාහිනි මධ්‍යස්ථානයක් පොලිසිය හා නගර සභාව විසින් එක්ව ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම කේබල් රූපවාහිනි මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ යාපනයේ ප්‍රබල දේශපාලනඥයකු විසිනි.

පොලිසිය හා නගර සභාව විසින් මෙම කේබල් රූපවාහිනි මධ්‍යස්ථානය ඉවත් කරන අවස්ථාවේ වීඩියෝ කිරීමට හා ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකටද කේබල් රූපවාහිනි මධ්‍යස්ථානය පවත්වාගෙන යන ලද දේශපාලනඥයාගේ හිතවතුන් පිරිසක් තර්ජනය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon