තංගල්ල උසස් පොලිස් නිලධාරීන් තිළිණ කසුන්ට අසත්‍ය ප්‍රකාශ දෙන්නැයි තර්ජනය කරලා

  👤  2250 readers have read this article !
By mawbima 2019-03-06

නුවන් හෙට්ටිආරච්චි

තංගල්ල පොලිස් අධිකාරිවරයා හා අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කීපදෙනකු විසින් නීති විරෝධී ලෙස තිළිණ කසුන් නමැති තරුණයා රහසිගතව රඳවාගෙන පහරදී අසත්‍ය ප්‍රකාශ දෙන්නැයි තර්ජනය කළ බවට සියලු තොරතුරු හෙළිවී ඇති බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී.

‍ෙදාළවත්ත මහතා පවසයි.

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස කුඩාවැල්ලේ සිදුවූ පුද්ගල ඝාතන හතරක් සම්බන්ධව වැරැදිකරු ඩී.වී. උපුල් බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කට්ට¾ඩිගේ තිළිණ කසුන් තරුණයාට පහරදී ඇති බවත් ජනවාරි 09 වැනි දින මෙසේ පොලිසිය විසින් පැහැරගන්නා ලද තිළිණ කසුන් දින නවයකට පසු එම ස්ථානයෙන් පැන තමන් හමුවට පැමිණ මෙසේ සඳහන් කළ බවත් හෙතෙම සඳහන් කරයි.තංගල්ල අපරාධ

පරීක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක වරයෙකු, පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, සමන් තුෂාර, සුමනසිරි හා සම්පත් යන පොලිස් නිලධාරීන් මෙම පැහැර ගැනීම කර ඇති බවත් එසේ පහරදී ඇති බවට ඔප්පු වන තුවාල කැළැල් තිළිණ කසුන්ගේ ශරීරයේ ඇති බවත් ‍ෙදාළවත්ත මහතා පවසයි. ඔහු නිදහස් කිරීමට නම් කුඩාවැල්ලේ සිවුදෙනකු ඝාතනය කළේ ඩී.වී. උපුල් යැයි සාක්‍ෂි දෙන ලෙස එසේ නොවන්නේ නම් ඊළඟ රාත්‍රියේ මරා දමන බවද පොලිස් නිලධාරියකු සහ ලක්සිරි ගීතාල් ප්‍රකාශ කළ බවද එම තරුණයා පැවැසූ බවද හෙතෙම පැවැසීය.

පසුව තිළිණ කසුන්ගේ විදේශ රටක වෙසෙන මවට පොලිස් පරීක්‍ෂකවරයකු කළ සාකච්ඡා ඇති බවත් ඒ හරහා සිදුව ඇති සංවාද මඟින් තිළිණ කසුන් තරුණයා රඳවාගෙන සිටි බවත් එහිදී ක්‍රියා කළ ආකාරයත් ඊට පෙරද මෙම පොලිස් නිලධාරීන් කළ ක්‍රියා පිළිබඳ හෙළිවන බවත් සඳහන් කරමින් ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත මහතා පෙන්වා දෙන්නේ වහාම පොලිස් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් විය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon