ප්‍රවර්ධනය කිරීමට මට කිසිම අවශ්‍යතාවක් නැහැ

  👤  2134 readers have read this article !
By mawbima 2019-03-06

ජේ.ටී. ද සිල්වා

සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට කිරිපිටි සමාගම් ප්‍රවර්ධනය කිරීමට මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම ඔයිට වඩා ලොකු සමාගම් එක්කත් හැප්පුණා. සිගරැට්වලට බදු පැනෙව්වා. පැණි බීමවලට බදු පැනෙව්වා. ඔෟෂධවල මිල අඩු කිරීමට කටයුතු කළා. මමත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ සියල්ල කළේ සමාගම් රකින්න නෙවෙයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂා කරන්නටයි' කියා සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

'කිරිපිටිවල ඩී.සී.ඩී. තිබෙන බව කියමින් ප්‍රචාරයක් ගෙන ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය කිරිපිටි පරීක්‍ෂා කර වාර්තාවක් ගත්තා. කිරිපිටිවල ඩී.සී.ඩී. නොමැති බව එම පරීක්‍ෂණ වාර්තාව තහවුරු කළා. මට පේන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කාගේ හරි කොන්ත්‍රාත්තුවක් භාරගෙන කියලා. වෛද්‍ය සංගමයට කිරිපිටි සාම්පල් ලබාගෙන පරීක්‍ෂණයක් සිදුකර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් දී ඇති වාර්තා අසත්‍ය නම් පෙන්නන්න පුළුවනි' යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon