තනතුර හා පක්‍ෂය කුමක් වුවද සැමට එක ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක්

  👤  2108 readers have read this article !
By mawbima 2019-03-06

නුවන් හෙට්ටිආරච්චි

විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්‍ෂය කුමක් වුවද සැමට එක ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ බව ජනාධිපතිවරයා සඳහන් කළේ පෙරේදා (4දා) ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අනාගතය පිළිබඳ ජනපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

තම දේශපාලන ජීවිතය තුළ වැරැදිකරුවන් පිළිබඳ කතා කිරීමට කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුමක් දී නොමැති බවත් එම නිසා මහජනතාවට සමීප සේවාවක් සපයමින් වැරැදිකරුවන්ට නිසි නීතිමය පියවර ගනිමින් රට සහ ජනතාව වෙනුවෙන් තම කාර්ය භාර්යය පොලිසිය විසින් ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

විද්වත් හා විශේෂඥ සහාය ලබාගනිමින් නිසි ක්‍රමවේදයක් සකස් කරමින් ලැබෙන පැමිණිලි පිළිබඳවද කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රමවේදයක් යටතේ අධ්‍යයන කට විසඳුම් හා නිසි ක්‍රමවේද යටතේ ජනතාව ලබාදිය යුතු බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පොලිසිය සහ සිර මැදිරි ඉදිකිරීම රටක දියුණුවක් නොවන බවත් විය යුත්තේ වැරැදි වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කිරීම බවයි.
එසේම ඉදිරියේදී පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේදී කමිටුවක් හරහා ඒ පිළිබඳ තීරණ ගන්නා බවත් වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon