විපක්ෂ නායක - ජවිපෙ සාකච්ඡා අද හතරට

  👤  2111 readers have read this article !
By mawbima 2019-03-06

අනුරාධා හේරත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව ජවිපෙ නායකයන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ විශේෂ සාකච්ඡාව අද (06දා) ප.ව. 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වෙති. එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව මෙන්ම 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට සූදානම් බවද එම පක්ෂය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon