රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයට නටන්න අපි සූදානම් නැහැ - මහින්දානන්ද අලුත්ගමගේ

  👤  2233 readers have read this article !
By mawbima 2019-03-06

නවතිස්පනේ - ඩී.එම්.ඩී. සිසිර

මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙපතුල ළඟ වැටී සහාය ඉල්ලීම හාස්‍යජනක බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ නාවලපිටිය රඹුක්පිටිය විද්‍යාලයේ පැවැති හිසවෙස් තැබීමේ මංගල්‍යය හා කොහොඹාකංකාරි ශාන්තිකර්මයට සහභාගි වීමෙන් අනතුරුව 'මව්බිම'ට විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

'අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් අනාථ වෙලා තියෙන්නේ. එතුමාගේ දේශපාලන ජීවිතයට සේලයින් දෙන්න අනුර කුමාර දිසානායක මහතා උත්සාහ ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ විසිවන සංශෝධනය ගෙන එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති කරන්නයි. අපි ඊට කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ. අපි කියන්නේ මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධන කර උඩින් රනිල් වික්‍රමසිංහ විධායක අගමැති කරන්න කලින් මේ රටේ කළ යුතු වැඩ රාශියක් තියෙනවා. විධායක ජනාධිපති ධුරය පමණක් අහෝසි කරලා නැවතත් රනිල් වික්‍රමසිංහ විධායක අගමැති කරන්න අනුර කුමාර දිසානායක කටයුතු කරනවා නම් ඊට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. අපි සහයෝගයක් දෙන්නේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේදී පැහැදිලිවම කියලා තිබුණා ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුය කියලා. නමුත් පළමුවෙන්ම කළ යුතු වන්නේ ජනාධිපතිවරණයක් පවත්වලා ඊට පස්සේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් මේක වෙනස් කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයට නටන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ ඉල්ලීම පරිදි අපි සූදානම් නැහැ. ඒ නිසා පැහැදිලිවම කියන්න ඕන ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවා නම් ඊට සමගාමීව මැතිවරණ ක්‍රමය ඇතුළු සංශෝධන ඊට ඇතුළත් විය යුතුයි කියලා කියන්න කැමැතියි.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon