අමාත්‍ය කබීර් හෂීම්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

  👤  2145 readers have read this article !
By mawbima 2019-03-06

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ ඒ/350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගැනීම අවලංගු කර රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 98ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබාගැනීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා '2015 _ 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම' වෙත ඊයේ (05දා) පැමිණිල්ලක් ගොනු කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය පැරැණි ගුවන්යානා ඉවත් කර ඒ සඳහා නව ගුවන්යානා විසි එකක් වසර 5ක් ඇතුළත ලබාගැනීම සඳහා ඒඥප ඛ්චන නමැති සමාගම සමඟ ගිවිසුමකට එළැඹි බවත් ගිවිසුමට අනුව 2014 වර්ෂයේ අනෙකුත් ගුවන්යානා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලැබී තිබූ අතර ඒ350/900 එයාර් බස් වර්ගයේ ගුවන්යානා 2016 වර්ෂයේ සිට වසර තුනක් තුළ ලැබීමට නියමිතව තිබූ බවත් එසේ තිබියදී 2015 ජනවාරි මස 8 වැනි දින බලයට පැමිණි රජය ප්‍රතිපත්තිමය තීරණයක් මත ඇණවුම් කර තිබූ ඒ350/900 එයාර් බස් වර්ගයේ ගුවන්යානා මිලදී ගැනීම අවලංගු කිරීම නිසා ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ඒඥප ඛ්චන සමාගමට ගෙවීමට සිදුව ඇතැයි උපුල් විජේසේකර මහතා සිය පැමිණිල්ලෙන් ජනාධිපති කොමිසම වෙත කරුණු දක්වා සිටියේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වන සාක්ෂිද ජනපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරමින් උපුල් විජේසේකර මහතා ඉල්ලා සිටියේ කැබිනට් අනුමැතියකින් තොරව නීතිපතිගෙන් කරුණු නොවිමසා මෙම ගනුදෙනුවේදී කටයුතු කිරීමෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සිදුකර ඇති මෙම වරදට අපරාධ පනත අනුව හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon