ජනපති වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ ප්‍රබල බෙදීමක්

  👤  2299 readers have read this article !
By mawbima 2019-03-06

ඩබ්ලිව් කේ. ප්‍රසාද් මංජු

මාර්තු 13 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ ප්‍රබල බෙදීමක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එදිනට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, පාලිත රංගේ බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන, හේෂා විතානගේ, චමින්ද විජේසිරි මහාචාර්ය ආශු මාරසිංහ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

නමුත් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ක්‍රියා නොකරන බවයි. එවැනි තීරණයක් එක්සත් ජාතික පක්‍ෂය විසින් ලබාගෙන නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ නමුත් මෙම කාරණය ඊයේ (05දා) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණු ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon