ජුබිලිය ගැන ශුද්ධ වූ බයිබලයේ කියැවෙන අපූරු කතාවක්

  👤  2458 readers have read this article !
2019-03-03

ශුද්ධ බයිබලයේ පරණ ගිවිසුමේ එන ලෙවී කතාවේ 25 වැනි පරිච්ඡේදයේදී දෙවියන් වහන්සේ සීනායි කන්දේ දී මෝසෙස් අමතමින් මෙම ජුබිලි වර්ෂය ගැන කළ දේශනය දැක්වේ. එහි කියැවෙන කෙටි අදහස මෙසේය.

"දෙවියන් වහන්සේ විසින් ලබාදෙන බවට "පොරොන්දු වූ දේශයට" මෝසෙස් ඇතුළු පිරිස ගොස් එහි කෘෂිකාර්මික ජීවිතයක් ආරම්භ කළ යුතුවේ. එහිදී දෙවියන් වහන්සේ පැවැසූ පරිදි ඔවුන් අවුරුදු 6ක් වගා කරමින් ආහාර සපයා ගත යුතුවේ.

නමුත් 7 වැනි වර්ෂය "දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවූ" සබත් වර්ෂයකි. මෙම වර්ෂයේදී කිසිදු වැඩක් නොකළ යුතු වේ. දේව ආශීර්වාදය පරිදි 6 වැනි වර්ෂයේදී අවුරුදු 3කට සෑහෙන අස්වනු ලැබේ. 8 වැනි වර්ෂයේදී අලුතින් වපුරා 9 වැනි වර්ෂයේදී එහි අස්වනු නෙළා ගන්නා තුරුම ජීවත්වීමට මෙම 6 වැනි වර්ෂයේදී නෙළා ගන්නා අස්වැන්න ප්‍රමාණවත් වේ.

සබත් වර්ෂයේදී කිසිදු කටයුත්තක් නොකර සමස්ත ගොවිබිම් වල් වැදීමට ඉඩ හැරීම තුළින් සොබාදහමට පරිසරයට නව ජීවයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදුන් බව පැහැදිලිය.

මෙවැනි සබත් වර්ෂ 7ක් ගණනය කළ යුතුවේ. සත්වැනි සබත් වර්ෂයේ හෙවත් 49 වැනි වර්ෂයේ සත්වැනි මාසයේ 10 වැනි දිනයේදී (ධද බඩඥ ච්චර ධට ඒබධදඥථඥදබ) භූමිය පුරාම හොරණෑ වාදනය කළ යුතුය. මෙම චාරිත්‍රය මුලින් දැක්වූ අර්ථ විවරණයට හේතු විය. මෙමඟින් 50 වැනි වර්ෂය පාරිශුද්ධත්වයට පත් කිරීමත් එකී වර්ෂය මුළු භූමිය පුරාම සියලු වැසියන්ගේ නිදහසේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සිදුවේ. එය ජුබිලි වර්ෂය ලෙස සැලකේ.

මෙම ජුබිලි වර්ෂයේදී සියලු දෙනා තමාගේ මුල් ඉඩම්, ගොවිබිම් ආදියට පෙරළා යා යුතුවේ. එනම් එම ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන්ට හෝ ඔවුන්ගෙන් පැවත එන්නනන්ට ලැබෙන සේ කටයුතු කළ යුතුවේ. ඉඳින් ඒවා විකුණා ඇති නම් තමන් හෝ තමන්ගේ ඥාතියකු ලවා හෝ නැවත මිලදී ගත යුතු වේ. මේ ආදී වශයෙන් එම වර්ෂය තමාගේ නැතිවූ ඉඩම් ගොවිබිම් ආදිය නැවත ලබා ගන්නා වර්ෂයක් බවට පත්වේ.

ඒවා ලබාගත යුතු ආකාරයත් මිලදී ගත යුතු වේ නම් එහිදී අනුගමනය කළ යුතු ආකාරයත් මිල ගෙවිය යුතු ආකාරයත් බයිබලයේ සවිස්තරාත්මකව දැක්වේ. දාසයන්ට නිදහස ලබාදීමත් මෙම වර්ෂයටම අදාළ වේ. නිදහස ප්‍රකාශ කිරීම යන්නෙන් මෙය අර්ථවත් වේ. අපරාධකරුවන්ට සමාව දීම ආදී සත්චර්යා ක්‍රියාත්මක කිරීම ද කාලයත් සමඟ මෙම වර්ෂයටම ඇතුළත් විය. මෙම ඉගැන්වීම හා එයින් ඇතිවුණු යුදෙව් සම්ප්‍රදාය ජුබිලියේ ආරම්භය වේ.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon