ළං වෙන්නට බැරි වසර ගණන් පැරැණි මොකක්ද මේ යකිනි බලිය

  👤  2664 readers have read this article !
2019-03-03

කොළඹ පදිංචිව සිටි ලන්දේසි ජාතික ආර්.එල්. ස්පිට්ල් වැදි ජනයා වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ ශ්‍රී ලංකාවේ වැදි හා ගැමි ජීවිතය ගැන රසවත් ග්‍රන්ථ රාශියක් ලියූ ශල්‍ය වෛද්‍යවරයෙකි. වැදි ජීවිතය අලළා ඔහු ලිවූ ඉංග්‍රීසි ග්‍රන්ථයක් "මැකී ගිය දඩ මං" යනුවෙන් සිංහලට නැඟී ඇත. එහි යකිනි බලිය ගැන කියවෙයි. ඒ කුමක්ද?

ඉතාම උස, නැඟීමට ඉතා දුෂ්කර, ගල්කුළු මුදුනේ ගල් සිදුරු ආශ්‍රිතව හෝ නැඟීමට ඉතා අසීරු පැරැණි දැවැන්ත ගස්වල මුදුනේ බෙනවල මේවා දැකිය හැක.

අවුරුදු ගණනාවක් නොකැඩූ වැද්දන් හා දඩයම්කරුවන්ගෙන් බේරී ඇති වළසුන් - උකුස්සන් වැනි බඹර වඳ කඩන සතුන්ගෙන් බේරී අවුරුදු ගණනක් පැණි එකතු වූ පැණි පිරී ඇති දැවැන්ත බඹර යකිනි බලිය නම්වෙයි.
එලෙස ආරක්ෂා වී ඇති යකිනි බලිවලට කැලෑවේ යක්ෂයන්ගෙන් බැල්ම වැටී ඇත.

යකිනි බලිය කැඩීම ජීවිතය පරදුවට තබා කළ යුත්තකි. පිහිටීම ඉතා දුෂ්කර බැවිනි. බඹරුන් ඉඟගිළුණහොත් මරණය නියතය. එමෙන්ම වනාන්තරවල ඇති යක්ෂයන්ගේ බැල්මද වැටී ඒවා ආරක්ෂා වී බැවිනි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන
නාපාන,ගුන්නෑපාන.
081-5672301

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon