ලේ ගලන හදවතක් මලක් වී පිපුණු හැටි හරි පුදුමයි සොබා සොඳුරු රුවින් සපිරි

  👤  2604 readers have read this article !
2019-03-03

ස්වභාව ධර්මයේද හදවත වශයෙන් හැඳින්වෙන "බ්ලීඩිං හාර්ට්" සැබැවින් අත්‍යාලංකාර පුෂ්පයකි.

ඒ බව මලේ ඡායාරූපයෙන් ඔබට තහවුරු වනු ඇත. මලේ හැඩය මිනිස් හදවතක හැඩයට සමාන හෙයින් "බ්ලීඩිං හාර්ට්" යන නම ඊට යෙදී තිබේ.

ඔබ මල් උයනක් සැලසුම් කරන්නේ නම් ඒ සඳහා බ්ලීඩිං හාර්ට් තෝරා ගත යුතුමය. මෙය සුදු, රතු හා ළා රෝස යන වර්ණවලින් දක්නට ලැබේ. බ්ලීඩිං හාර්ට් ශාකයෙහි මල් හට ගන්නේ අප්‍රේල්, ජුනි අතර කාලය තුළය.


"ඩිසෙන්ට්‍රා ස්පෙක්ටබ්ලිස්''- Decentra Spectabilis  යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම පුෂ්පය නොයෙක් සැරසිලි සඳහා ඉතාම යෝග්‍ය මලක් වශයෙන් ලේඛනගත වී තිබේ. හෘදය වස්තුවේ හැඩයට පිහිටීම නිසා මල බෙහෙවින් ජනප්‍රියවී ඇතත් මෙම ශාකයේ සෙසු කොටස් බෙහෙවින් විස සහිතය. කෙනකුගේ ඇඟේ ගෑවුණු විට සමේ දරුණු වේදනා ඇති කරන තරමට එම විස උග්‍රය. එහෙයින් ශාකය පරිහරණය කරන්නන් ඒ ගැන බෙහෙවින් පරිස්සම් විය යුතුය.

පරිවර්තනය -
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon