අළු දූවිලි මතින් පිබිදෙන වියට්නාමය

  👤  2613 readers have read this article !
2019-03-03

වේගයෙන් දියුණුවන ආර්ථිකයක් සහිත වියට්නාමය ගැන අද ලෝකයේ අවධානය යොමුව තිබේ. ඇමෙරිකන් අධිරාජ්‍යය පරාජයට පත්කළ සමාජවාදී විප්ලවයේ ගිනි සිළුව ලෙස 1970 දශකයේ වියට්නාමය හැඳින්විය. දේශප්‍රේමී යුද්ධය අවසන් වන විට වියට්නාමය නැඟෙනහිර ආසියාවේ ඉතා දිළිඳු රාජ්‍යයකි. ගෙවුණු 40 වසර තුළ වියට්නාමය ලොව ප්‍රබල රාජ්‍යයක් ලෙස නැඟිටුවන්නට වියට්නාමය කොමියුනිස්ට් පක්ෂය සමත්ව තිබේ. නොබෝදා වියට්නාමයේ කරන ලද සංචාරය තුළින් උකහාගත් දැනුම මේ සටහන තුළ ඉදිරිපත් වේ.

ක්‍රි.පූ. 258 පමණ අෑත ඉතිහාසයකට වියට්නාමය උරුමකම් කියයි. උතුරු වියට්නාමයේ වත්මන් හැනෝයි නගරයෙන් වියට්නාමිකයන්ගේ පැවැත්ම ඇතිවී චීනයේ ආක්‍රමණයට ගොදුරු වූ බවක් ප්‍රකට විය. ක්‍රි.පූ. 207 චීන ආක්‍රමණවලට ලක්වූ බවත් එය විශාල සමාජ විපර්යාසයකට මුල පිරීමක් වේ.

ක්‍රි.ව. 1005දී වියට්නාමයේ බුද්ධාගම ප්‍රධාන ආගම බවට පත්ව ඇත.

ක්‍රි.ව. 1471දී යුද බිය පළමුවරට වියට්නාමයට පිවිස ඇත. ඒ Champa Suffers Crushing Military Defeat by Vietnam  ලෙස දැක්වේ. ප්‍රථම වරට බටහිර ජාතිකයන් වශයෙන් පෘතුගීසීන් වියට්නාමයට පිවිස ඇත්තේ ක්‍රි.ව. 1516දීය. ඒ අනුව 1539 සිට 1778 දක්වා වසර 239ක් ඔවුන්ගේ පාලනය විය.

පළමුව පාලකයන් දෙදෙනකුගේ ආධිපත්‍ය යටතේ වියට්නාමය දෙකට බෙදා පාලනය කර ඇත. ඒ උතුර ටි්‍රන්ත් රජ (Trinth Lord) යටතේද, දකුණ නග්යේන් රජ (Nguyen Lord)  යටතේද නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයන් ඇතිව තිබිණි. ක්‍රි.ව. 1802 සිට 19 දක්වා ග්යා ලෝන් (Emperor Gia Long)  අධිරාජ්‍යයා යටතේ දකුණු වියට්නාමය පාලනය වී තිබේ. 1858දී ප්‍රංශ හමුදා වියට්නාමයේ ඩැනෑං සහ සයිගොං නගර අත්පත් කර ගැනීමට සමත්ව ඇත. ප්‍රංශ අධිරාජ්‍යා යටතේ පාලනය වූ වියට්නාමයේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයන්ගේ නටබුන් ලෙස අදත් ප්‍රංශ ගෘහ නිර්මාණවලට ඉදිවූ ක්‍රිස්තියානි පල්ලි දක්නට ලැබේ.

වියට්නාම් ජනතාව තුළින් බිහිවුණ "හෝ චි මිං" (Ho Chi Minh) 1930දී ඉන්දු - චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කර ඒ වටා ජනතාව පෙළ ගස්වන්නට විය. 1940 ජපන් වෘත්තිකයන් වියට්නාමයේ කටයුතු ආරම්භ කළේ ප්‍රංශ පාලනය යටතේමය. එහෙත් 1945 වසරේ වියට්නාමයට නිදහස ලබා ගනිමින් ජපන් වෘත්තීන් යටපත් කිරීමට හෝ චි මිං සමත්ව ඇත. ඒ සමඟම ඉන්දු-චීන යුද්ධය 1946 වසරේ ආරම්භව ඇත. 1954 වන විට ප්‍රංශ හමුදා පලවා හැර වියට්නාමය පළාත් 17කට බෙදා පාලන කටයුතු ඇරැඹිණි. 1955 දෙවන වරට ඉන්දු - චීන යුද්ධය ව්‍යාප්ත වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ආධාර දකුණු වියට්නාමයට පළමු වරට ලබාදී ඇත. බටහිර බලවතුන්ගේ ආක්‍රමණයට ගොදුරුවීම හමුවේ තම සටන් දියත් කිරීමට වියට්නාම් විමුක්තිකාමීන් යුහුසුලු විය. ඉතා රළු කටුක අත්දැකීම් විඳිමින් වියට්නාම් ජාතිකයන් වයස් භේදයකින් තොරව උපක්‍රමශීලීව ඇමෙරිකන් හමුදාවට පහර දීමට සමත් විය.

1969 වසර වියට්නාමයට තීරණාත්මක වසරක් විය. සටන් මෙහෙයවූ හෝ චි මිං වසර 79ක් ආයු වළ¼දා සැප්තැම්බර් මස අභාවප්‍රාප්ත විය. ඵහෙත් වියට්නාමය නිදහස් කර ගැනීමේ අභීත වීරෝදාර නායකයෙක් වශයෙන් අදත් බුහුමන් ලබයි. එම දේහය අදටත් ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරේ. දේහය කල් තබා ගත හැකි අයුරින් වාර්ෂිකව බෙහෙත් ගැල්වීම සඳහා සෝවියට් රුසියාවට ගෙනයනු ලබන්නේ ඒ නිසාය.

1973 "වොෂින්ටන් සහ හැනෝයි" සාම ගිවිසුමක් අස්සන් කර ඇත. ඒ සමඟම හැනෝයි නගරය තිබෙන උතුරු වියට්නාමය කොමියුනිස්ට් ජයග්‍රහණය පූර්ණ වශයෙන් ලබා ගැනීමට 1975 වසරේ සමත් විය. 1969 සිට 1975 දක්වා දරුණු සටන් පැවැති කාලයක් බව කියා පෑමට අද "වින් මොක්" (Vin Mork)  ගම්මානය සහ උමඟ සාක්ෂි දයි. එක් පසෙකින් පැසිපික් සාගරයට විවෘත මෙම උමඟ(Vin mork Tunnel)  ‍ෙදාරටු පහකින් නාවික ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. 1975 ජාතික වියට්නාම් හමුදාව සයිගොන් නගරය අත්පත් කරගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1976 වියට්නාම් රජය පූර්ණ නිදහස් රටක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සමත් විය. එතැන් සිට සමාජවාදී වියට්නාම් ජනරජය(Socialist Republic of Vietnam)  ලෙස හැඳින්වේ.

1978 අසල්වැසි කාම්බෝජය සමඟ සබඳතා ශක්තිමත් කිරීමේදී තුන්වන වරට ඉන්දු - චීන සටන් නැවත ආරම්භ විය. 1979දී චීනය උතුරු වියට්නාමය සමඟ කෙටි කලකට සබඳතා ඇති කර ගෙන ඇත. 1986 සය වන පක්ෂ සමුළුවේදී (Sixth Party Congress) ඩොයි මෝයි ආර්ථික ක්‍රමය (Doi Moi economic reforms)  තහවුරු කර ඇත. වසර 11කට පසු 1989 කාම්බෝජයෙන් වියට්නාම් හමුදා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.

1994 පමණ වන විට ඇමෙරිකා වෙළෙඳ සබඳතා වර්ධනය විය. වියට්නාමය "අග්නිදිග ආසියානු ජාතිකයන්ගේ සංගමය" (Association of Southeast Asian Nations) ASEAN සමඟ එක්ව සාමාජික රටක් බවට පත්ව තව තවත් දියුණුවන්නට විය. එය "සාර්ක්" (SAARC)  සමුළුව වැනි සංවිධානයකි. එහෙත් අපට සාර්ක් රටවල වීසා නොමැතිව තවම ගමන් කළ නොහැකිය. ඒෂියන් සමුළුවට අයත් රටවල පුරවැසියන්ට වීසා නොමැතිව එම රටවල් අතර විගමනයට අවකාශ ලැබී ඇත. ඊට අමතරව ආර්ථික වශයෙන් එම රටවල් අතර අනේ‍යාන්‍ය සුහදතාවෙන් ගිවිසුම් ගතව ආයෝජන, වෙළෙඳ හා සංචාරක සබඳතා වැඩි දියුණු කර ගැනීමට සමත්ව තිබේ.

21 වැනි වසරට පා තබමින් 2007 වසරේ ලෝක වෙළෙඳ සංවිධානයට (World Trade  Organization) WTO නිල වශයෙන් වියට්නාමය සම්බන්ධ විය. 2009 වියට්නාමය තුළ මුහුණු පොත (Face Book) අවහිර කරනු ලැබීය. 2014 වසරේ ඇමෙරිකාව සමඟ නිදහස් වෙළෙඳ කටයුතු සම්බන්ධ සාකච්ඡා ඇරැඹීමට විවිධ දේශපාලන මත දරන්නන්ට අවකාශ ලැබී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් "ට්‍රාන්ස් පැසිෆික් පාට්නෂිප්" (Trans - Pacific Partnership)  ගිවිසුම ඇමෙරිකාව සමඟ අස්සන් කළේ 2015 වසරේදීය. වියට්නාමය හා චීනය අතර සුහදතාව ඇතිකරගනිමින් දකුණු චීන මුහුදු සීමාවල පැවැති ත්‍රස්ත බලපෑම් හමාර වූයේද 2015 වසරේය. 2016 වසරේ දැනට තිබෙන පාලනය, එනම් කොමියුනිස්ට් පක්ෂ නිලවරණයෙන් ඉදිරි වසර 5ට නායකත්වයට පත් කරගෙන ඇත. ඉතා සාමකාමීව රජය හා වැසියා අනේ‍යාන්‍ය අවබෝධයෙන් යුතුව පාලන කටයුතු ගෙන යන බව ලබා ඇති ශීඝ්‍ර දියුණුව පෙන්වා දෙයි.

එන්. ජී. කේ. කුමාරසිරි සෙනෙවිරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon