නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - ඉරුදින විග්‍රහය

ඩීල් ගැන්සිය  

2019-02-28

"නායකතුමාගෙයි වටේ ඉන්න සෙට් එකෙයි ඩීල් දැමිල්ල නතර වෙනකන් යූඑන්පීය ගොඩ ගන්න බෑ" යූඑන්පීයේ පසුපෙළ මන්ත්‍රිවරයෙක් පසුගියදා මා සමඟ පැවැසුවේ දැඩි කලකිරීමකින් ය. රනිල් ඇතුළු ගැන්සිය යූඑන්පීයේ ඩීල් උප සංස්කෘතියක් හදන්න පටන් ගත්තේ අද ඊයෙක නොවේ ය. රනිල්ගේ නායකත්වයට සහ නොහැකියාවට එරෙහිව නැඟී සිටි යූඑන්පී බලවේග ම¾ඩින්න රනිල්, සන්ධාන ආණ්ඩුව එක්ක ඩීල් දැම්මේ ය. සන්ධාන ආණ්ඩුව ගෙදර යවන්න රනිල්, චන්ද්‍රිකා එක්ක ඩීල් දැම්මේ ය. සජිත්ව කපලා කපලා, සජිත් ඔළුව උස්සන්න හදනකොට සජිත්ගේ කරට අත දා ගත්තේ ය.

ඇමැති පවර්  

2019-02-21

පුවතක් - රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සොහොයුරෙක් මහා පරිමාණ ගම්මිරිස් ජාවාරමක.

අරසු  

2019-02-14

චෙල්වනායගම්ගේ කාර් එක හොරගොල්ල වලව්ව ඉදිරිපිට නැවැත්වූ වහාම රථය දෙසට ගමන් කළ බණ්ඩාරනායක, චෙල්වනායගම්ට කාර් එකෙන් බිමට බහින්න උදවු කළේ ය. "ඔය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාට ඒක දැන්ම භාවිත වෙන්නේ නෑ" වලව්වට ඇතුළු වූ චෙල්වනායගම්, වන්නිනායසිංහම්, කන්දයියා, රාජාවරෝතයම්, නවරත්නම්, නාගනාදන් සහ මැදිහත්කරු නවරත්නරාජා සනසන්න බණ්ඩාරනායක කීවේ ය. තමාද සිංහල ලියන්න-කියවන්න දන්නේ නැති බැවින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිත වීම ළඟපාතක වන දෙයක් නොවන බව බණ්ඩාරනායක ඔවුන්ට තහවුරු කළේ ය.

ව්‍යවස්ථා හොරු  

2019-02-07

2018 ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රි විසින් අගමැති රනිල් ධුරයෙන් පහකළේ ය. එයින් කැලඹුණු යූඑන්පීය, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, එන්ජීඕ, සිවිල් සංවිධාන සියල්ල කැලඹුණේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පාරට බැස්සේ ය.

අළු යට ගිනි පුපුරු  

2019-01-31

"අන්න කොටි ආයෙත් වැඩේ පටන් අරන්, උතුරෙ තැන තැන දැන් කොටි හොල්මන් කරනවා, මොකක් හරි ලොකු දේකට තමයි සැරසෙන්නේ, තමිල්නාඩුවෙලු කොටි පුහුණු වෙන්නේ, භානු කියලා එකෙක්ලු මෙහෙයවන්නේ, බෝම්බ මල්ල දාලා ගිය කොටියා තාමත් හොයාගෙන නෑ, කොටි නිල ඇඳුම් ඇඳගත්ත 21ක් අතුරුදන්ලු."

නඩු නැති මරණ  

2019-01-24

2007 මාර්තු 9 වැනිදා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පිහිටි යුද හමුදා අනු ඛණ්ඩයේ අණදෙන නිලධාරි මේජර් ඩී.එස්.ඒ. ජයන්ත, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වසන්ත පුෂ්පානන්ද, වනජීවී නියාමක උපාලි චන්දන, යුද හමුදා සෙබළ කපිල කුමාර ඇතුළු අට දෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළට ගියේ එහි ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ය. හදිසියේම එල්ල වූ වෙඩි වරුසාවකින් අට දෙනාම අමු අමුවේ ඝාතනය වුණේ ය. පොලිස්-හමුදා ඒකාබද්ධව කළ මෙහෙයුමකින් මළ සිරුරු සොයා ගත්තේ දින ගණනකට පසුව ය.

පස් වරක් චක්කරේ  

2019-01-17

පස් වරක් චක්කරේ

රතු අතකොළුව  

2019-01-10

1971 අප්‍රේල් 5, ලංකා ඉතිහාසය දන්න අයට අමතක නොවන දවසක් බවට සැකයක් නැත. ඒ 1818 කැරැල්ලෙන් පසු වැඩිම ජීවිත ගණනක් බිලිවූ දෙවැනි කැරැල්ලේ උච්චතම දිනය අප්‍රේල් 5 නිසයි. රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පොලිස් ස්ථාන 92කට පහර දුන්නේ ය. 57ක් විනාශ කළේ ය. 5ක් යටත් කර ගත්තේ ය. පොලිසියේ 37ක්, හමුදාවේ 26ක්, සිවිල් වැසියන් 41ක් ජවිපෙ කැරැලිකරුවන් අතින් ඝාතනය වුණේ ය. හමුදාව සහ පොලිසිය අතින් ජවිපෙ කැරැලිකරුවන් 5000ක් පමණ මැරුම් කෑවේ ය. අප්‍රේල් මහ නඩු‍ෙවි විත්තිකරුවන් වූ 41දෙනාගෙන් 4ක් නිදහස් වුණේ ය. විජේවීර ජීවිතාන්තය දක්වා හිරේ ගියේ ය. වසර තුනකට අත්හිටුවූ සිර දඬවම් නියම විය. 28ක් හිරේ ගියේ ය. 6ක් කැරැල්ලේදීම ඝාතනය වුණේ ය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම යටතේ 248ක් සිරදඬුවම් වින්දේ ය. ජවිපෙ අප්‍රේල් 5 සමරන්නේ ඒ කැරැලිකරුවන් ය.

රොලීලා සහ රනිල්ලා  

2019-01-03

රොලීලා සහ රනිල්ලා

රනිල් එක්ක බෑ  

2018-12-27

TIME: ඉදිරි මහ මැතිවරණයට අනුව කුමක් තීරණය වෙයිද?


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon