නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

රුසියාව න්‍යෂ්ටික අවිපාලන ගිවිසුම අත්හිටුවයි  

2019-03-06 11:27:07

රුසියාව අත්සන් කර තිබූ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් මහතා පැවසීය.

ඉන්දියාවට දුන් තීරුබදු සහනය නැවතීමට ට්‍රම්ප් සැරසේ  

2019-03-05 14:09:51

ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය නැවැත්වීමට තමන් තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 

බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු සපයන්නන්ට ඇමරිකාවෙන් තෑගි  

2019-03-03 07:53:01

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් තෑගි වශයෙන් ලබා දෙන බව ඇමරිකාව නිවේදනය කරයි.

පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලීමක්  

2019-02-28 11:27:12

පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ප්‍රහාරක ගුවන් නියමුවා කඩිනමින් නිදහස් කරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කරයි.

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි  

2019-02-27 12:53:32

කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි.

පකිස්තානයේ ත්‍රස්ත කඳවුරකට ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාර  

2019-02-26 13:42:03

ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඉකුත් 14 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ,පාකිස්තානයේ පිහිටි හඳුනාගත් ත්‍රස්ත කඳවුරුවලට ඉන්දීය ගුවන් හමුදාව අද (26) අලුයම බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ගුවන් යානයක් පැහැරගැනීමේ උත්සහයක් නිසා හදිසියේ ගොඩ බස්වයි  

2019-02-25 10:15:52

බංගලාදේශයේ ඩකා සිට එක්සත් අරාබි එමිර් රාජ්‍ය දක්වා ගමන් ගත් මඟී ප්‍රවාහන ගුවන් යානයක් පැහැරගැනීමට උත්සහ ගත් පුද්ගලයා බංගලාදේශ ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පකිස්ථානයේ ගංවතුරෙන් 26 දෙනෙක් මිය යති  

2019-02-22 12:21:01

ගංවතුර ගැලීම්, අධික වර්ෂාපතනය නිසා පකිස්ථානයේ පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්-59 මරුට  

2019-02-21 09:06:37

බංග්ලාදේශයේ ඩකා අගනුවර ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් තිබේ.

සෞදිය පකිස්තානය සමඟ ඩොලර් බිලියන 20 ක ගිවිසුමක්  

2019-02-18 14:13:33

පකිස්තානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය සහ පකිස්තානයට අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබේ.

ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්නයි ජපානයෙන් ඉල්ලීමක්  

2019-02-18 11:31:56

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට නොබෙල් සාම ත්‍යාග ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතා ඉල්ලීමක් කර තිබේ.

ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට සැරසේ  

2019-02-15 13:09:10

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.

ලෝක කුඩු රජා මෙක්සිකෝ 'මිට්ටා' මට්ටු වේ  

2019-02-14 08:39:39

ජෝකුයින් ගුස්මාන් හෙවත් එල් චැපෝ (මිට්ටා) නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කුප්‍රකට මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා නිව්යෝක් නුවර ෆෙඩරල් අධිකරණය ඉදිරියේ පැවති තෙමස් නඩු විභාගය අවසානයේ සියලු චෝ්දනාවන්ට වරදකරු වී ඇත. බන්ධනාගාරයෙන් පලායෑම, බිහිසුණු මනුෂ්‍ය ඝාතන, හෙරොයින් හා කොකේන් බෙදාහැරීම, මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී අවි ආයුධ පරිහරණය, 13 වියැති බාල වයස්කාර දැරියන් දූෂණය කිරීම හා දේශපාලකයන්ට කෝටි ගණනින් මුදල් අල්ලස් දීම ඔහුට නඟා තිබූ චෝදනාවන් අතර විය.

නවදිල්ලි නුවර හෝටලයක ගින්නකින් 17 ක් මරුට  

2019-02-12 12:13:04

ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝටලයක අද (12) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ISIS සටන්කාමීන් සිරියාවෙන් පලවාහැරීමේ තීරණාත්මක සටන ඇරැඹේ  

2019-02-11 13:23:39

එක්සත් ජනපදයේ අනුබලය ලබන කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු හමුදාවන්, ISIS සටන්කාමීන් සිරියාවෙන් පලවාහැරීමේ අවසන් සටනට එළැඹ සිටින බව වාර්තා වේ. ඒ අනුව එම සටන්කාමීන් මේ වනතුරු ගැවසෙමින් සිටින නැඟෙනහිර පෙදෙසේ වර්ග කිලෝමීටර් 4ක පමණ ඩෙයිර් අස් සෝර් පළාතේ සිටි 20,000කට අධික සිවිල් වැසියන් ඉන් ඉවත් කරනු ලැබ ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon