නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ජන ගරුත්ත්වය සුරකින අයවැයක්- නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  

2019-03-06 14:34:38

ජන ගරුත්ත්වය සුරකින අයවැයක් ලෙස මෙවර අයවැය හැදින්විය හැකි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

නවෝත්පාදනවලට දිරිගැන්වීම් අයවැය මඟින් ලබාදී තිබෙනවා- අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා  

2019-03-06 13:08:53

අපේ රටේ සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබිය යුතු බවත් මෙය ඉතාමත්ම ඕනෑකමින් තීරණය කළ යුතු බවත් නවෝත්පාදනවලට දිරිගැන්වීම් අයවැය මඟින් ලබාදී තිබෙන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක්-අමාත්‍ය සජිත් ප්‍රේමදාස  

2019-03-06 10:48:13

සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි නිවාස,ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අය-වැය අද  

2019-03-05 06:23:29

ජේ.ටී. ද සිල්වා,

රුචිර දිලාන් මධුශංක

රුපියල් බිලියන 2060ක අය-වැය හිඟය පියවීම සඳහා වන යෝජනා මුදල් ඇමැති මංගල සමරවීර අද (05දා) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පත්වූ 24 වැනි මුදල් ඇමැතිවරයා වශයෙන් මංගල සමරවීර ඇමැතිවරයා ඉදිරිපත් කරන 73 වැනි ජාතික අය-වැය රටේ ආර්ථික සංවර්ධනය දිරිමත් කිරීම සඳහා වන යෝජනා රැසක් ඇතුළත් වන බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමේ පුරෝගාමියාගේ ආලේඛ්‍ය සිතුවමක්  

2019-03-04 15:45:31

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.

අයවැය කතාව හෙට- මුදල් ඇමති අයවැයට සූදානමින්..  

2019-03-04 08:23:16

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 සඳහා වන අයවැය යෝජනා මාර්තු මස 5 වැනි හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්  

2019-02-28 07:58:01

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

දේශපාලනයේ දශක තුන ඛේමාගේ කොලුවා අද සමරයි  

2019-02-28 06:57:16

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන ගමනට වසර 30ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ උත්සවය අද (28දා) සවස 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන රාජකාරි අරඹයි  

2019-02-25 15:14:10

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (25) පොල්හෙන්ගොඩ පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

රන්ජන් කළ ප්‍රකාශයේ වාර්තාව අද අගමැති අතට  

2019-02-25 08:01:15

මැති ඇමැතිවරුන් 24 දෙනකු කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු කමිටුවට කරන ලද ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර විමර්ශනය කිරීමෙන් අනතුරුව වාර්තාවක් ගෙන්වා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම කමිටුවෙන් නිර්දේශ කර ඇති බව එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ඛේමාගේ කොලුවා දශක තුන සමරයි  

2019-02-22 10:27:20

මංගල සමරවීර (ඛේමාගේ කොලුවා) දේශපාලනයේ දශක තුන සමරන විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 28 වැනිදා පස්වරු 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශාලාවේදී පැවැත්වේ.

පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද  

2019-02-22 09:43:23

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් මීළඟට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට අද (22දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

එජනිස මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද  

2019-02-21 09:29:17

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (21දා) පෙරවරුවේ පැවැත් වේ.

ගම්මන්පිලගේ යෝජනාව පලදරයි: ව්‍යවස්ථා සභාව ගැන විවාදය අද  

2019-02-21 07:44:59

ජේ‍යෂ්ඨත්වය නොසලකා ශේ‍ර්ෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති යෝජනාව අද (21දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි  

2019-02-19 08:54:47

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි .

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon