නවෝත්පාදනවලට දිරිගැන්වීම් අයවැය මඟින් ලබාදී තිබෙනවා- අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

  👤  270 readers have read this article !
Published by : MB WEB 2019-03-06 13:08:53

අපේ රටේ සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබිය යුතු බවත් මෙය ඉතාමත්ම ඕනෑකමින් තීරණය කළ යුතු බවත් නවෝත්පාදනවලට දිරිගැන්වීම් අයවැය මඟින් ලබාදී තිබෙන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

දින 52 තුළ රටේ ආර්ථිකය කඩා වැටුණු ආකාරය මහබැංකු වාර්තා පෙන්වා දෙනවා..රුපියල අවප්‍රමණය වුණේ දින 52 කාලයේ දී. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් නෑ කියලා කියනවා.එදා තිබුණි අතිරික්තයක් නොවේ තිබුණේ හිඟයක්.2015 ආණ්ඩුවට නොගෙවපු
ණය ගෙවන්න සිදු වුණා. සුවසැරිය සේවය කරනවා 1500ක් පමණ. ඉතාම කැපවීමක් කරනවා.රුපියල් මිලියන 2000ක් 1990 සුවසැරිය ලංකාව පුරා ක්‍රියාත්මක කරන්න.

අයවැයෙන් කරන්න හදන්නේ කුමක්ද?අයවැය දෙස බලන්න ඕන අපේ ගොවියාගේ පුරන් වූ කුඹුර පුතා විසින් බේරා ගන්නේ කොහොමද කියලා. අපේ දර්ශනය අප අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ. අයවැය ප්‍රතිපත්තිමය වැඩ කටයුත්තක් ලෙස බලන්න ඕන. අපේ විශ්වවිද්‍යාල හා පාසල්වලින් එළියට එන දරුවන්ට හැකියාව ලබාදී තිබෙනවා ද? අපිට පුළුවන් විය යුතුයි අලුත් දේවල් හදන්න. දැනුම මත පදනම් වූ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට හැකි විය යුතුයි අපේ රටේ සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න.මෙය ඉතාමත්ම ඕනෑකමින් මේ තීරණය කළ යුතුයි.නවොත්පාදනවලට දිරිගැන්වීම් අයවැය මඟින් ලබාදී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon