අධ්‍යාපන චාරිකාව ගිය බස් රථය පෙරළෙයි-38කට තුවාල-අයෙක් මරුට

  👤  836 readers have read this article !
Published by : MB WEB 2019-03-06 08:31:49

අක්කරේපත්තුව, අට්ටාලච්චේන ප්‍රදේශයේ ගුරු විද්‍යාලය සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බස් රථය මාර්ගයේ පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ ගුරු සිසුවියන් 50 දෙනෙකු එහි සිට ඇති අතර ඉන් 35 ත් 40ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාල කරුවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව මව්බිම වාර්තාකරු පැවසීය.

තුවාල ලැබූ සිසුන් මාවනැල්ල සහ මහනුවර යන රෝහල් වලට ඇතුළත් කර ඇති අතර මහනුවර රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු එහිදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකු වන බස් රථයේ රිය සහයක බව පොලීසිය සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon